Monday, March 9, 2020

Arduino යනු කුමක්ද?




අප පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය සංවිධානය කරන ලද  “Arduino යනු කුමක්ද? ව්‍යාපෘතිය 2020.01.31 වන සිකුරාදා දින පාසලේ පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේදී පෙ.ව. 7.45 සිට ප.ව. 1.45 දක්වා පැවැත්විනි.

මේ සදහා මීග/දෑලතුර කණිෂ්ඨ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුභවතා වන K.P.P.G. කරුණානායක මහතා හා මීග/පමුණුගම මහා විද්‍යාලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරුභවතා වන K.D.N. කුලරත්න මහතාව සම්පත් පුද්ගලයින් ලෙස සම්බන්ධ වී සිටියහ.









Saturday, August 17, 2019

සංධ්වනි 2019

 සංධ්වනි 2019

         ක්‍රිස්තුරාජ විද්‍යාලීය මාධ්‍ය කවය මගින් සංවිධානය කරන ලද මාධ්‍ය දිනයට සමගාමීව පවත්වන ලද ජා-ඇල කලාපීය සහෝදර පාසල් විවාද තරගාවලිය 2019 05 11 දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.
6-8, 9-11, හා උ/පෙළ ලෙස අංශ 03 ක් යටතේ පලමු වට තරග පැවැත්වු අතර ඉන්
  •    ක්‍රිස්තුරාජ ජාතික පාසල - තුඩැල්ල
  •   නිමල මරියා බාලිකා විද්‍යාලය - තුඩැල්ල 
  •     ජී.බී. සේනානායක විද්‍යාලය - ඒකල
අවසන් වටයට තේරි පත්විය.