Thursday, June 19, 2014

සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම


                               2014.06.17 ක්රිස්තුරාජ ජාතික පාසල් ප්රධාන ශාලාව 7 වන ශ්රේණිය සමාන් දැනීම තරගය අවසාන මහා තරගය විදුහල්පති නිහාල් රද්රීගු පියතුමාගේ ප්රධානත්වයෙන් පුස්තකාල උපදේශක ගරු නන්දන සපරමාදු පියතුමාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. එහිදී 7 ශ්රේණිය A හා B තරග වැදුනු අතර එයින් 7 B ශ්රේණිය ජයග්රහනය කල අතර ජයග්රහයකයන් හට විදුහල්පති පියතුමා අතින් සහතිකපත් හා කුසලාන පිරිනමන ලදී. තරගාවලියේ විරයා ලෙස H.A. චමෝද් ලහිරු (7 - C) විසින් දිනා ගන්නා ලදී.










Monday, June 16, 2014

සෙල්ලමි මිදුල

සෙල්ලමි මිදුල


               ක්‍රිස්තුරාජ ජාතික පාසලේ ළමා උද්‍යානය රැපියල් ලක්ෂ 06 ක වියදමින් නවීකරනය කිරීම විශේෂ ළමා සංවර්ධන ඒකකයේ ඉගෙනුම ලබන රෙහාන් නවෝද්‍ය සිසුවාගේ දෙමාපියන් විසින් (රෝහන කන්ට්‍රක්ෂන් සමාගම) සිදුකර 2014ජුනි මස 06 දින සිසු අයිතියට පත් කරන ලදී.

               මේ සදහා ජා-ඇල නගර සභාපතී අංජු පෙරේරා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන හා නොයිදිමත් අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රියානි විජේසිංහ මිය, මීගමුව කලාපයේ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රසේකර මයා, ගුරු උපදේශකවරුන් ඇතුලු සමිභාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.













සංධ්වනි 2014


 සංධ්වනි 2014

         ක්‍රිස්තුරාජ විද්‍යාලීය මාධ්‍ය කවය මගින් සංවිධානය කරන ලද මාධ්‍ය දිනයට සමගාමීව පවත්වන ලද ජා-ඇල කලාපීය සහෝදර පාසල් විවාද තරගාවලිය 2014 06 11 දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.
6-8, 9-11, හා උ/පෙළ ලෙස අංශ 03 ක් යටතේ පලමු වට තරග පැවැත්වු අතර ඉන්
  •    ක්‍රිස්තුරාජ ජාතික පාසල - තුඩැල්ල
  •   නිමල මරියා බාලිකා විද්‍යාලය - තුඩැල්ල 
  •     ජී.බී. සේනානායක විද්‍යාලය - ඒකල
අවසන් වටයට තේරි පත්විය.