Thursday, June 19, 2014

සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම


                               2014.06.17 ක්රිස්තුරාජ ජාතික පාසල් ප්රධාන ශාලාව 7 වන ශ්රේණිය සමාන් දැනීම තරගය අවසාන මහා තරගය විදුහල්පති නිහාල් රද්රීගු පියතුමාගේ ප්රධානත්වයෙන් පුස්තකාල උපදේශක ගරු නන්දන සපරමාදු පියතුමාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. එහිදී 7 ශ්රේණිය A හා B තරග වැදුනු අතර එයින් 7 B ශ්රේණිය ජයග්රහනය කල අතර ජයග්රහයකයන් හට විදුහල්පති පියතුමා අතින් සහතිකපත් හා කුසලාන පිරිනමන ලදී. තරගාවලියේ විරයා ලෙස H.A. චමෝද් ලහිරු (7 - C) විසින් දිනා ගන්නා ලදී.










Monday, June 16, 2014

සෙල්ලමි මිදුල

සෙල්ලමි මිදුල


               ක්‍රිස්තුරාජ ජාතික පාසලේ ළමා උද්‍යානය රැපියල් ලක්ෂ 06 ක වියදමින් නවීකරනය කිරීම විශේෂ ළමා සංවර්ධන ඒකකයේ ඉගෙනුම ලබන රෙහාන් නවෝද්‍ය සිසුවාගේ දෙමාපියන් විසින් (රෝහන කන්ට්‍රක්ෂන් සමාගම) සිදුකර 2014ජුනි මස 06 දින සිසු අයිතියට පත් කරන ලදී.

               මේ සදහා ජා-ඇල නගර සභාපතී අංජු පෙරේරා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන හා නොයිදිමත් අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රියානි විජේසිංහ මිය, මීගමුව කලාපයේ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රසේකර මයා, ගුරු උපදේශකවරුන් ඇතුලු සමිභාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.













සංධ්වනි 2014


 සංධ්වනි 2014

         ක්‍රිස්තුරාජ විද්‍යාලීය මාධ්‍ය කවය මගින් සංවිධානය කරන ලද මාධ්‍ය දිනයට සමගාමීව පවත්වන ලද ජා-ඇල කලාපීය සහෝදර පාසල් විවාද තරගාවලිය 2014 06 11 දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.
6-8, 9-11, හා උ/පෙළ ලෙස අංශ 03 ක් යටතේ පලමු වට තරග පැවැත්වු අතර ඉන්
  •    ක්‍රිස්තුරාජ ජාතික පාසල - තුඩැල්ල
  •   නිමල මරියා බාලිකා විද්‍යාලය - තුඩැල්ල 
  •     ජී.බී. සේනානායක විද්‍යාලය - ඒකල
අවසන් වටයට තේරි පත්විය.






Wednesday, May 21, 2014

වෙසක් භක්ති ගී


වෙසක් භක්ති ගී

                              2014 05 12 වන දින පැවති මීගමුව කලාප භක්ති ගී තරගාවලියේ අවසාන මහා තරගයෙන් කලාපීය සියලුම පාසල් පරදා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසල සමත්විය. මෙහි දෙවන ස්ථානය දලුව කොටුව මහා විදුහලත් තෙවන ස්ථානය තුඩැල්ල නිමල මරියා බාලිකා විද්‍යාලයත් හිමිකර ගෙන ඇත.

                                          අනුපමා ශිවන්ති ගුරු මෑනියන් පද රචනය කල මෙම ගීතයට එමි. අශේන් නිමන්ත ප්‍රනාන්දු, කේ. ජයනාත් අඩිල, ජේ.එල්. කසුන් මයුර යන සිසු දරුවන් නාද සංකලනය කල නව නිර්මානයක් විය. නිරෝෂිණි පාරිස් ගුරුමෑනියන් හා අශෝක මහකුඹුර ගුරු පියානන්ගේ මගපෙන්වීම මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය.

                                         බොදු සිත පහන් කිරීමට සමත් මෙම ගීතය පිළිබදව බොහෝ දෙනාගේ ප්‍රසාදය පල වීමට හේතු වු කරුනු කිහිපයක් විය. කිතුරජුන්ගේ පහස ලද පාසලක් වුවත් බුදුරජුන්ගේ ගුන ගායනා කිරීමත්, කතෝලික සිසුදරුවන් තිදෙනෙකු විසින් ස්වර රටා නිර්මානය කිරීමත්, කතෝලික ගුරු මෑනියක් විසින් පද රටා නිර්මානය කිරීමත් යන කරුනු මෙහිලා ප්‍රධාන තැනක් විය. කෙසේ වුවත් මෙම බැති ගීතයෙහි බුද්ධාලමිබන ප්‍රිතියෙහි අඩුවක් නොමැති බව කාගේත් අදහස විය.

                                           මෙම ජයග්‍රහනයත් සමග ඔප්පුවන තවත් සත්‍යයක් ඇත. එනමි විශ්ව භාෂාවක් වන සංගීතය සදහා ජාති, ආගමි, කුල, පක්ෂ, පාට ආදි කිසිදු දෙයක් බල නොපානවා යන පරම සත්‍යය වේ.


Monday, May 19, 2014

නව නිවහනක්

නව නිවහනක්

         

        කිතුරද පුත නුවන් හට පැවති ගොඩනැගිලි අඩුපාඩුවට පිලියමක් ලෙස 2014/02/24 වන දින ගොඩනැගිල්ලක් සදහා මුල් ගල් තැබීම විදුහල් පති පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ සදහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වරුන්, ගුරුභවතුන්  ඇතුලු වානිජ්‍ය අංශයේ සිසු දරුවන් සහභාගි විය.


           මේ සදහා පාසල් සංවර්ධන සමිතියේ අරමුදල් භාවිතා කරමින් නව ගොඩනැගිල්ල ඉදිවන බවත් ඉංශ්‍රිසි මාධ්‍ය විෂයන් සදහාත්, චිත්‍ර අංශය සදහාත්, බුද්ධ ධර්මය ඉගැන්වීමි කටයුතු කිරීම සදහාත් මෙය භාවිතා කීරීමට බලාපොරොත්තු වන බව විදුහල්පති පියතුමා විසින් ප්‍රකාශ කරන ලදී.




      ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු අවසන් කර 2014/05/09 වන දින විදුහල්පති පියතුමාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ ස්තූතිය.






අපේ උරුමය

අපේ උරුමය

       ප්‍රාථමික අංශයේ සිසුන්ගේ  අවුරුදු චාරිත්ත වාරිත්ත පිළිබදව අවබෝධයක් ලබා දීමේ අරමුනින් 2014/04/25 වන දින ප්‍රථමික අංශය විසින් බක්මහා උළෙලක් විදුහල්පති පියතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදී.
        මේ සදහා ප්‍රථමික අංශයේ සියලුම සිසුන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුලු බොහෝ පිරිසකගේ දායකත්වය ලැබී තිබුනු බව කිවයුතුය. 
     ප්‍රථමික අංශ ප්‍රධාන නිලානි පෙරේරා කන්‍යා සො‍හොයුරියගේ මෙහෙයවීම හා අධීක්ෂනය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
            මෙය සාර්ථක කරගැනීම  සදහා සහයෝගය ලබා දුන් ඔබ සියලු දෙනාට අපගේ ස්තූතිය