Wednesday, May 21, 2014

වෙසක් භක්ති ගී


වෙසක් භක්ති ගී

                              2014 05 12 වන දින පැවති මීගමුව කලාප භක්ති ගී තරගාවලියේ අවසාන මහා තරගයෙන් කලාපීය සියලුම පාසල් පරදා ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසල සමත්විය. මෙහි දෙවන ස්ථානය දලුව කොටුව මහා විදුහලත් තෙවන ස්ථානය තුඩැල්ල නිමල මරියා බාලිකා විද්‍යාලයත් හිමිකර ගෙන ඇත.

                                          අනුපමා ශිවන්ති ගුරු මෑනියන් පද රචනය කල මෙම ගීතයට එමි. අශේන් නිමන්ත ප්‍රනාන්දු, කේ. ජයනාත් අඩිල, ජේ.එල්. කසුන් මයුර යන සිසු දරුවන් නාද සංකලනය කල නව නිර්මානයක් විය. නිරෝෂිණි පාරිස් ගුරුමෑනියන් හා අශෝක මහකුඹුර ගුරු පියානන්ගේ මගපෙන්වීම මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය.

                                         බොදු සිත පහන් කිරීමට සමත් මෙම ගීතය පිළිබදව බොහෝ දෙනාගේ ප්‍රසාදය පල වීමට හේතු වු කරුනු කිහිපයක් විය. කිතුරජුන්ගේ පහස ලද පාසලක් වුවත් බුදුරජුන්ගේ ගුන ගායනා කිරීමත්, කතෝලික සිසුදරුවන් තිදෙනෙකු විසින් ස්වර රටා නිර්මානය කිරීමත්, කතෝලික ගුරු මෑනියක් විසින් පද රටා නිර්මානය කිරීමත් යන කරුනු මෙහිලා ප්‍රධාන තැනක් විය. කෙසේ වුවත් මෙම බැති ගීතයෙහි බුද්ධාලමිබන ප්‍රිතියෙහි අඩුවක් නොමැති බව කාගේත් අදහස විය.

                                           මෙම ජයග්‍රහනයත් සමග ඔප්පුවන තවත් සත්‍යයක් ඇත. එනමි විශ්ව භාෂාවක් වන සංගීතය සදහා ජාති, ආගමි, කුල, පක්ෂ, පාට ආදි කිසිදු දෙයක් බල නොපානවා යන පරම සත්‍යය වේ.


3 comments: